තෛයිපොන්ගල් උත්සවය නිමිත්තෙන් අමතර ශ්‍රී ලංගම බස් රථ 100 ක් පමණ ධාවනයට යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
සාමාන්‍ය බස්රථ සේවාවලට අමතරව ධාවනයට යොදවා ඇති මෙම බස් රථ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සිට හැටන්, බදුල්ල, උතුරු නැගෙනහිර පළාත් සදහා ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංගම උසස් නිලධාරියකු පැවසීය.
මේ අතර අවශ්‍ය තරම් පෞද්ගලික බස් රථද ධාවනයට යොදවා ඇතැයි පෞද්ගලික බස් සංගම් සදහන් කරයි.