තේ අපනයනය කිරීමේදී අය කළ සෙස් බද්ද තාවකාලිකව අත්හිටුවයි

තේ අපනයනය කිරීමේදී තේ කිලෝවක් සඳහා අය කරනු ලබන රුපියල් 03.50 ක සෙස් බද්ද මාස 06 ක කාලයක් දක්වා අත්හිටුවීමට, ඊයේ (17) පැවති කැබනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය යටතේ තේ අපනයනය දිරිමත් කිරීම සඳහායි.

මේ අතර, ලෝක බැංකුව මගින් මෙරට කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘතිවල අවිනිශ්චිත වියදම් ලෙස වෙන් කර තිබුණු ඩොලර් මිලියන 56 ක මුදලක් කෝවිඩ් 19 වසංගත තත්ත්වය වැළැක්වීමේ කටයුතු සඳහා යෙදවීමට ද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *