මහියංගණ-මහනුවර මාර්ගයේ තෙල්දෙණිය, රඹුක්වැල්ල ප්රදේශයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළීමෙන් මගීන් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ලූල්වත්තේ සිට තෙල්දෙණිය දක්වා ධාවනය කෙරෙන මෙම බස්රථය යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවී තිබෙනවා. තුවාල ලැබූවන් තෙල්දෙණිය සහ මහනුවර යන රෝහල්වලට ප්රතිකාර ලබනවා.