තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

ගමන් ගත් වාහනයට  වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව සැකකරු ලබන 04 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ලහිරු සිල්වා මහතා  නියෝග කළේය.

අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි තුසිත හල්ලොලුව සැකකරු පසුගිය 19 දින කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *