තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසි විමසීම් සඳහා ක්ෂණික දුරකථන අංක හඳුන්වා දෙයි.

ඊයේ එරටට බලපෑ රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු විමසීමට හෝ ඔවුන් පිළිබඳ තොරතුරු ලබා දීමට තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසි දුරකථන අංක ප්‍රකාශයට පත් කර තිබේ.

භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයන් 4300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් දහස් ගණනක් තුවාල ලබා ඇති අතර සමහරක් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් යට සිරවී ඇති බව වාර්තා වේ.

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව විමසීමට හෝ තොරතුරු ලබා දීමට තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හදිසි දුරකථන අංක 00903124271032 සහ 00905344569498 නිවේදනය කර ඇත.

තුර්කියේ භූමිකම්පාව සිදු වූ ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බව අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය අනාවරණය කළාය.

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු අවශ්‍ය මහජනතාවට එම ක්ෂණික දුරකථන අංක ඔස්සේ තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *