තවත් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 8 දෙනෙකු තිස්සමහාරාම පොලීස් ස්ථානය තුළින් හඳුනාගෙන තිබේ.
මීට දින 3කට පෙර එම පොලීසියේ දුරකථන ක්රියාකරුවා ලෙස කටයුතු කළ නිලධාරියා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබුණි.
ඉන් අනතුරුව වාර්තා වූ මෙම කොවිඩ් ආසාධිතයින් 8 දෙනා ඔහුගේ ආශ්රිතයින් වන අතර, එම නිලධාරින් පිරිසි පසුගිය දින කිහිපය තුළ අඛණ්ඩව රාජකාරියේ නිරතවී ඇත. ඒ අතරතුර ඇතිවූ හදිසි අසනීප තත්ත්වයකින් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු එම නිලධාරින් 8 දෙනා කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.