ලංකා තැපැල් සේවා සංගමය අද(16) පස්වරු 4 සිට දින දෙකක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කිරීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්රියාත්මක කරන බව තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පවසයි.
සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට වුව ද යාමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.