තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හරියි

2024 ජනාධිපතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම ආරම්භ කර ඇත.

තැපැල් කාර්යාල වෙත ලැබෙන තැපැල් ජන්ද පත්‍රිකා එදිනම අදාල රාජ්‍ය ආයතන වෙත ලබා දි එම තැපැල් ජන්ද පත්‍රිකා නිසි ලෙස ලබාගත් බවට ආයතන ප්‍රධානියාගෙන් අත්සන් ලබා ගැනිමද බෙදා හරින්නන් විසින් සිදු කරනු ලබයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිලිගත් තැපැල් ජන්ද සංඛ්‍යාව 19,727 බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරයා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *