තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි

තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේ දී රැස්විය.

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විය.

මෙහිදී තරුණ සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දැක්ම හා මෙහෙවර වර්තමානයට ගැලපෙන පරිදි නිර්මාණය කිරීම පිළිබඳව  සාකච්ඡා කෙරුණි. එමෙන්ම මෙරට තාරුණ්‍ය ගොඩනැගීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය

. එමෙන්ම ලෝකයේ පාර්ලිමේන්තු වල පවතින තරුණ සංසද වල පවතින නව ප්‍රවණතා හා මෙරට පාර්ලිමේන්තු තරුණ සංසදය වෙනත් රටවල්වල පාර්ලිමේන්තු තරුණ සංසද සමඟ සම්බන්ධ කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව පාර්ලිමේන්තුවේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *