ත්‍රිකුණාමලය දිසාපති පත් කරයි

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් /දිසාපති පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලෙස කටයුතු කළ චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025-01-01 දින සිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුර පුරප්පාඩු වී පවතී.

එම තනතුර සඳහා දැනට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩබබ්ලිව්. ජී. එම්. හේමන්ත කුමාර මහතා පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *