ත්‍රිකුණාමලයේ භාවිතයට නොගන්නා තෙල් ටැංකි 29ක් දිගුකාලීන බදු පදනම මත ආයෝජකයින්ට

ත්‍රිකුණාමලයේ දැනට භාවිතයට නොගන්නා තෙල් ටැංකි 29ක් දිගුකාලීන බදු පදනම මත ආයෝජකයින් වෙත ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවීමට කටයුතු ආරම්භ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි.

ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

මෙම තෙල් ටැංකි 29, ත්‍රිකුණාමලය පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම සතු තෙල් ටැංකි 61 අතරට අයත් වේ.

එමෙන්ම, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉන්ධන ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද සැලසුම් කරමින් සිටින බව නෙත්තිකුමාර මහතා පැවසීය.

ත්‍රිකුණාමලයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් ටැංකි දෙකක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇති අතර, තවත් තෙල් ටැංකි තුනක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *