ඊශ්‍රායෙල් ජාතික සංචාරකයින් රැඳී සිටි ආරුගම්භයේ සංචාරක කලාපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙස් විදෙස් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන්නේ යැයි දින 90ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ සැකකරුවන් තිදෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
මාළදිවයින් ජාතිකයකු ඇතුළු ත්‍රස්ත සැකකරුවන් තිදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
දේශීය ,විදේශීය ත්‍රස්තවාදී හා අන්තවාදී පුද්ගලයින් ඇසුරු කරමින් ආරුගම්බේ සංචාරක කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කළේ යැයි සැකයට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙනය රඳවා ප්‍රශ්න කර තිබිණි.
පසුගිය ජනාධිපතිවරණය පැවැති කාලවකවානුවට සමගාමීව මෙම ත්‍රස්ත ප්‍රහාරය එළකිරීමට සැලසුම් කිරීම,පසුගිය වසරේ ඔක්තෝබර් 07 සහ 08 දිනවල පුද්ගලීන් යොදවා සංචාරක කලාපය වීඩියෝ ගත කිරීම හා ඡායාරූප එක් රැස් කිරීම, සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් මස 19 වැනි දින සිට සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනෙකු තවදුරටත් රඳවා ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.