මැණික්හින්න පොලිස් වසමේ දේවාල පාරේ ගරාජයක තිබූ සැකකටයුතු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයක්අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත කොට ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 27 රාත්‍රී 11.30 ට පමණ එම ගරාජය වටලා සැක කටයුතු ජීප් රථය සිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ජීප් රථය තෙල්දෙණිය මූලස්ථාන පොලිසියට භාර දී ඇති අතර එම රථය ඊයේ(28) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එමසැක කටයුතු ඩිෆෙන්ඩර් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා,රේගු වාර්තා සහ මෝටර් රථ ලියපදිංචි කිරීම දෙපාර්තමේන්තුවේ වාර්තා කැඳවීමට නියමිතය.