තවත් සැකකරුවෝ 955ක් කොටුවෙති

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය (07) සිට ඊයේ (08) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 955ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 39 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 31දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 51දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් 261g
ගංජා 2kg 946g
ගංජා පැළ 58,234ක්
ගංජා සුරුට්ටු 12ක්
මාවා 3 kg 903g
තුල් 448g
මත්පෙති 1,403ක්
හෑෂ් 118g
මදන මෝදක ගුලි 41g

Leave a Reply

Your email address will not be published. Required fields are marked *