යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (13) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 24 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් විසි දෙදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.
මෙම වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 299ක්, අයිස් ග්‍රෑම් 172යි මිලිග්‍රෑම් 40ක් සහ මත්පෙති 1,233ක් ආරක්ෂක අංශ භාරයට ගත් බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.