තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට

“ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 65,000ක් මෙරටට රැගෙන විත් තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 15,000ක් ද එහි අන්තර් ගත වන බවය.

එම දෙවන මාත්‍රාව මීට පෙර පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට සහ ඉතිරි එන්නත් 50,000 මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *