තවත් මන්ත්‍රී පහකට පට්ටම් ගැලවෙයි?

රජයේ මැති ඇමැතිවරුන් තවත් පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇත.

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ආචාර්ය උපාධිය හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ඉංජිනේරු උපාධිය ඇතුළු හය ෙදනකුෙග් අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇත.

එසේම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට ද එම දේශපාලන පක්ෂ මේ දිනවල කටයුතු කරමින් සිටී.

මේ අතර ජාතික ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් සිය ෆේස්බුක්වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් හදිසියේම ඉවත් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.

කෙසේ වෙතත් එම ෆේස්බුක් ගිණුම්වල ඉතිහාසය ( HISTORY) කොටස පරීක්ෂා කිරීමේදී එම ඉවත් කිරීම් මෙයට දින කිහිපයකට පෙර කර ඇති බව පැහැදිලි වන්නේ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවැසීය.

සමහර මන්ත්‍රීවරුන් මෙම අධ්‍යාපන සුදුසුකම් මහ මැතිවරණයේ ප්‍රචාරක පත්‍රිකාවල බැනර් සහ පෝස්ටර්වල පැහැදිලිවම සඳහන් කර තිබූ බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *