තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානයේ පුවරුවේ දෝෂය නිවැරදි කෙරේ

උතුරු නැගෙනහිර පවතින හා වසා දමා ඇති රාජ්‍ය කර්මාන්තශාලා සමීපව නිරීක්ෂණය කරමින් එම ප්‍රදේශවල සිව්දින නිල සංචාරයක යෙදී සිටි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය (18) දා තල් සංවර්ධන මණ්ඩලයට අයත් තල් කෙදි නිෂ්පාදන මධ්‍යස්ථානයක් සෙල්වාරි හී දී විවෘත කරනු ලැබුවේ ය.

එහි නාමපුවරුවේ වූ අඩුපාඩුව වහා නිවැරදි කරන ලෙස ඔහු විසින් ඒ මොහොතේදීම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන් අතර මේ වනවිට එම පුවරුව නිවැරදි ලෙස සකසා නැවතත් ස්ථාපනය කර ඇත. පසුගිය දින කීපය පුරා මේ පිළිඹද සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වූයේ සිංහල භාෂාව දෙවැනි තැනට දමා දෙමළ බස මුලින් ප්‍රදර්ශණය කර ඇති නිසාය.

පසුගිය 18 වැනිදින අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් නිරාවරණය කළ පුවරුව
දෝෂ සහිත පුවරුව නිවැරදි කර නැවත ස්ථාපනය කර ඇති ආකාරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *