තරුණ සභාවේ අමුතු ගැහිල්ලක් එලියට

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවකු  ලෙස ලියාපදිංචි වී සභාවටම භාණ්ඩ මිලදී ගැනීමට  වැඩි මිල ගණන් ඉදිරිපත් කරමින් මැදිහත්ව ඇතැයි  කෝප් අනුකාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව,  සමීක්ෂණ වර්තාවකින්  අනතුරුව සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වාර්තාවක් සභාව සතුව  නැති බව ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු කමිටුවට දැනුම් දුන්හ.

කැබිනට් තීරණයක් නොසලකා ,දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන්ට වන්දි ලබාදුන්  කමිටු 3ක් ගැන පුර්ණ වාර්තාවක්  දෙන ලෙස කෝප් අනුකාරක සභාව නිර්දේශ කළේය.

මෙම කරුණු අනාවරණය වුයේ 2022 සහ  2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන  දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *