Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇළක තිබී සොයාගනී

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කිලිනොච්චිය ප්‍රදේශයේ ඇළක තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය අහලපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 18 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකි.

පොලීසිය සැකපළ කරන්නේ එම තරුණයින් දෙදෙනා යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී එය පාලනය කරගැනීමට නොහැකිව ඇළට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටය.

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් එම්. ජමිල් මහතා විසින් මළ සිරුරු සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා
කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

ඔබේ අදහස