‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමන් කළ ප්‍රකාශ විකෘති කිරීම’ ලෙස විවිධ සමාජ මාධ්‍ය ජාලා මගින් හඳුන්වා දීමෙන් මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාර ලේකම් ඇතුළු නිලධාරීන්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කනගාටුව පළ කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ 2022 වසරේ රට මුහුණ දුන් තත්ත්වය පිළිබඳව තමන් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ගණනාවක් සිදුකළ නමුත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශ ඇතුළු කිසිදු රාජ්‍ය නිලධාරියකුගේ නම් එම කිසිදු ප්‍රකාශයක සඳහන් නොකළ බවත්, රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන ලද වැරදි පිළිබඳව අවධානය යොමු කළ අතර, වෛරයක් හෝ ආරවුලක් ඇති කළ හැකි කිසිදු ප්‍රකාශයක් නොකළේය.
“පටු අදහස් ඇති දේශපාලන න්‍යාය පත්‍ර සාක්ෂාත් කර ගැනීම සඳහා කරන ලද විවිධ ෆේස්බුක් පෝස්ට්වල සංසරණය වන මගේ අදහස් විකෘති කිරීම නිසා ඇති වූ බාධාව පිළිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. අපට කළ හැක්කේ අතීතයේ සිදු වූ වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන අනාගතයේදී එය නැවත සිදු නොවීමට වග බලා ගැනීම පමණි. 2022 අපේ‍්‍රල් 8 වැනිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ගැන මම විශේෂයෙන් සඳහන් කළා.”
මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ නම ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පළ කර ඇත්තේ මගේ ප්‍රකාශ විකෘති කරමින් අසමගිය ඇති කිරීමට බව ඔහු පැවසීය.
“පසුගිය කාලයේ සිදු වූ වැරදි සැලකිල්ලට ගනිමින් අපි රට නිවැරදි මාවතකට යොමු කළ යුතුයි. මෙවැනි බැරෑරුම් අවස්ථාවකදීත් වෛරය පිට කිරීම කනගාටුවට කරුණක්.”