තමන්ට එල්ලවන මඩ ප්‍රචාර ගැන දුක් වෙනවා – පළමුවරට හදුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාව පවසයි

තමන් රැකියා ස්ථානයට හැර වෙනත් කිසිඳු ස්ථානයකට ගොස් නොමැති බවත්, උදෑසනින් රැකියා ස්ථානයට යාමට අදාල රථයට ගොඩවූ පසු නැවතත් නිවසට පැමිණෙන්නේ රාත්‍රී කාලයේදී බැවින් කඩයකට යාමටවත් වේලාවක් නොමැති බවත් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරේ පළමුවරට හදුනාගත් කොවිඩ් ආසාදිත කාන්තාව පවසයි.

ඇය වැඩිදුරටත් පවසා සිටින්නේ අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවට යම් පරීක්ෂකවරුන් පිරිසක් පැමිණියද ඔවුන් ඉන්දියානු ජාතිකයන්දැයි තමන් නොදන්නා බවයි.

කෙසේ වෙතත් තමන්ට එල්ලවන මඩ ප්‍රචාර පිළිබඳව තමා ඉතාමත් දුක්වන බවයි ඇය ප්‍රකාශ කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *