තද වැසි තවදුරටත්

දිවයින ආසන්නයේ වායුගෝලයේ කැළඹීමක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

එම දෙපාර්තමේන්තුව පවසන පරිදි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ලැබේ.

මීට අමතරව බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල පැයට කිලෝමීටර් 30-40 පමණ තද සුළං අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *