රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ බහාලුම් 900කට අධික ප්‍රමාණයක් මුදා හැරීමට නොහැකිව මසකට අධික කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව වරාය ආරංචි මාර්ග පවසයි.
අතරමං වූ කන්ටේනර් අතර සීනි මෙට්‍රික් ටොන් 10,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 350ක් තිබෙන බවත් මෙරට සීනි හිඟයට ප්‍රධාන හේතුව වරායට සීනි කන්ටේනර් නිකුත් නොකිරීම බවත් වරාය ආරංචි මාර්ග පවසයි.
ඩොලර් හිඟය හේතුවෙන් පසුගිය කාලයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බහාලුම් විශාල ප්‍රමාණයක් වරායේ සිරවී තිබීම නිසා රට තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති විය.