පසුගිය සතියට සාපේක්ෂව අද (19) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 301.69 සිට රු. 298.77 ක් වන අතර විකුණුම් මිල ද රු. 319.54 සිට රු. 316.44 කි.
කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92 සිට රු. 294.94 ක් වන අතර විකුණුම් මිල රු. 320 සිට රු. 318.
සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 301 සිට රු. 297 ක් වන අතර විකුණුම් මිල රු. 318 සිට රු. 314.