ඩෙංගු සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක පහක පදිංචිකරුවන්ට නිවේදනයක්

මේ මාසයේ (ජනවාරි) මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 5500 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරයි.

සමස්ත ආසාදිතයන්ගෙන් 60%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි එම ඒකකය පැවසුවේ.

ගාල්ල සහ කුරුණෑගල ප්‍රදේශවලින් ද සැලකිය යුතු ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පැවසුවේ ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන්ගේ ක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

2021 සැප්තැම්බර් සිට 2022 ජනවාරි දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ.

සැප්තැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 1,370 ක්, ඔක්තෝම්බර් මාසයේදී 2,979 ක්, නොවැම්බර් මාසයේදී 4,561 ක් සහ දෙසැම්බර් මාසයේදී 8,096 ක් වාර්තා වී ඇති බව එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *