මහජන චීන සමූහාණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය Huai Jinpeng මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් බල ගැන්වෙන ඩිජිටල් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනයේ සහයෝගය අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ ක්‍රියාත්මක කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග සහ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
ප්‍රංශයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ මහා සමුළුවේ 42 වැනි සැසිවාරයට සහභාගිවීමෙන් අනතුරුව අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා චීන අධ්‍යාපන අමාත්‍යවරයා හමුවිය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ Huawei ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
චීන අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සිහිපත් කළ අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය කිරීමේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස Huawei ආයතනය පෙනී සිටින බව පැවසීය.
චීන සමූහාණ්ඩුව සඳහා තාක්ෂණික උපදෙස් සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට සහ තාක්ෂණික නිලධාරීන්ගේ පුහුණුව සහ යටිතල පහසුකම් ලබාදීමට Huawei වෙතින් ලබාදෙන සහය ඉතා අගය කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.