ඩෑන් ප්‍රියසාද් මරුට

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම  සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22)  රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මිය යන විට ඔහු 39 හැවිරිදි වියේ පසුවිය.

කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ 6 වෙනි මහලේ නිවසක සාදයකට සහභාගි වී  සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

බරපතල තුවාල ලැබූ ඩෑන්  ප්‍රියසාද්  මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර  ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි   මිය ගොස් සිට ඇතැයි පොලීසිය කියයි

ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *