රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පාර්ලිමේන්තු ලොබියේදී පහර දුන් බව කියන සිද්ධියට සම්බන්ධ ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තිදෙනාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසමින් ක්‍රියා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වුණා.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාරක සභාව නොවැම්බර් 9 වැනිදා රැස්වී අවසන් වාර්තාව සම්පාදනය කර කථානායකවරයාට භාරදීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, ඉමිටියාස් බාකීර් මාකර් සහ අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් සහභාගි වූ කාරක සභාව හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර ප්‍රකාශ ලබාදුන්නා.
මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශානත් මහතාට නොවැළැක්විය හැකි හේතුවක් මත රැස්වීමට පැමිණීමට නොහැකි වූ අතර මීළඟ රැස්වීමේදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.