ඩයනාට එරෙහිව ගොනු කළ ඇපෑලට අධිකරණය දුන් නියෝගය

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව ගොනු කෙරුණු ඇපෑලක් සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ එම පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 19 වනදා කැඳවන ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *