කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු ගුවන් හමුදා සෙබළෙක් බව පොලිසිය සඳහන් කරයි
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ කොළඹ 12 කෙසෙල් වත්ත සොන්ඩර් පෙදෙස පදිංචිව සිටි ඉන්ද්‍රාණි මල්කාන්ති නමැති 32 හැවිරිදි කාන්තාවකි.
මරණකාරිය ඉකුත් 7 වෙනිදින පිටකොටුව මිහිඳු මාවත අසල මධ්‍යම රාත්‍රී රැඳී සිටියදී මධ්‍යම රාත්‍රී දොළහට පමණ සැකකාර ගුවන් හමුදා සෙබලා සමඟ තීරෝද රථයකින් ටෙක්නිකල් හන්දිය නවාතැන්පොලක් වෙත පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණීය ඇත.ෙ
එහිදී දෙදෙනා අතර නවාතැන්පොලේදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් සිදුවී ඇති අතර කාන්තාව ඔහු ප්‍රතික්ෂේප කර නවාතැන් පොලින් පිටතට පැමිණ මගහැරීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.
එහිදී එම පුද්ගලයා විසින් ඔහු ලබා දුන් මුදල් ඉල්ලමින් එම කාන්තාවක පසුපස පැමිණ ඇති බවත් එහිදී දෙදෙනා අතර ගැටුමක් ඇතිවී ඇති අතර එම පුද්ගලයා පිටුපස කලිසම් සාක්කුවේ සඟවාගෙන තිබූ කුඩා පීහියක් රැගෙන කාන්තාවගේ මූහුන හා ගෙල ප්‍රදේශයේ අවස්ථා කීපයකදී කපා ඇතැයි පොලිසිය කියයි.