’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’ – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (26) පැවසීය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු කරන වෙනස්කම් පිළිබඳව  රජය දැඩි අවධානයෙන් කට යුතු කරන බවත් ක්ෂේත්‍රයේ පුද්ගලයින් සමඟ සාකච්ඡා කර ස්ථිරසාර තීන්දුවක් ගැනීමට නියමිත බවත් හෙතෙම කීය

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද ඔහු පැවසීය.

විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වන්නේ විධිමත් සාකච්ඡාවකින් අනතුරුව බවද ඇමතිවරයා සඳහන් කළේය

ඇමතිවරයා  මෙම කරුණු පැවසුවේරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ  දැනුම්  දීමේ මාධ්‍ය හමුවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *