LK reports news sinhala

ට්‍රම්ප්ගේ සිහිනය ලොව කළඹයි

අමරිකා එකසත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකින සිහිනයක් පිළිබඳව මේ දිනවල ලොවම කථාවෙයි. ඒ ලොව විශාලතම දූපත ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ඔහු සිහින දකින බවට පළ වූ පුවතක් දැඩි කතා බහට ලක්වීමත් සමගිනි.

එම පුවත කොතරම් ජනප්‍රියවීද යත් ග්‍රීන්ලන්තයෙන්ද ඊට ප්‍රතිචාර ලැබී තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඩෙන්මාර්කය යටතේ ස්වයංපාලන බලතල සහිතව පාලනය වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අදහසක් අමෙරිකාවට පවතින බව ට්‍රම්ප්  පසුගියදා සිය උපදේශකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. ග්‍රීන්ලන්තය මෙන්ම ඩෙන්මාර්ක රජය විසින් ද ට්‍රම්ප්ගේ අදහස ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ඩෙන්මාර්කයේ හිටපු අගමැතිවරයා පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම කතාව මෝඩයින්ගේ දිනයේ දී කරන ලද විහිළුවක් හා සමාන බවයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව ප්‍රථමයෙන් වාර්තා කළ වෝල් ස්ට්‍රීට් ජර්නල් සඳහන් කර ඇති පරිදි ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අදහස ඉතා තදින් හා උවමනාවෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ග්‍රීන්ලන්ත බලධාරීන් පවසන්නේ තමන්ගේ භූමිය විකුණා දැමීමේ අදහසක් කිසිදු ලෙසකින්වත් තමන්ට නොමැති බවයි. ලොව විශාලතම දිවයින වන ග්‍රීන්ලන්තය ස්වභාවික සම්පත්වලින් අනූන භූමියකි. එහි තෙල් බැරල් බිලියන 17.5 ක් තැන්පත්ව පවතින අතර එහි ඇති ස්වභාවික ගෑස් ප්‍රමාණය කියුබික් අඩි ට්‍රිලියන 148 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අමෙරිකා එක්සත් ජනපදය මීට පෙර අවස්ථා කිහිපයකදී රාජ්‍යයන් මිලදී ගෙන ඇති නමුත් ග්‍රීන්ලන්තය මිලදී ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවනු ඇති බවට දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

අමෙරිකා ජනාධිපතිවරයෙකු වූ තෝමස් ජෙෆර්සන් ප්‍රංශයට අයත්ව තිබූ වර්ග සැතපුම් 8 27 000ක වපසරයකින් යුත් ලුසියානා භූමිය 1803 දී මිලට ගෙන ඇත. එමෙන්ම 1917 වසරේදී අමෙරිකාව ඩෙන්මාර්කයට අයත්ව තිබූ බටහිර ඉන්දීය භූමිය මිලදී ගත් අතර පසුව එය අමෙරිකානු වර්ජින් අයිලන්ඩ් ලෙස නම්කරනු ලැබීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *