ට්‍රම්ප් නොබෙල් තෑග්ග පිළිගනී

වෙනිසියුලා විපක්ෂ නායිකා මරියා මචාඩෝ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රදානය කළ ඇයට හිමිවුණු නොබෙල් සාම ත්‍යාගය බාර ගැනීමටත් සිය සන්තකයේ තබා ගැනීමටත් ට්‍රම්ප් කැමැත්ත පළ කර ඇත.

නොබෙල් සාම පදක්කම භාරගත් ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පැහැදිලි කළේ, එය අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු සංකේතයක් යනුවෙනි.

මචාඩෝ ඇයට හිමි රන් පදක්කම ට්‍රම්ප් වෙත ලබා දුන්නද, නොබෙල් කමිටුවේ නීති අනුව එම ගෞරව නාමය සහ ත්‍යාගය තවදුරටත් හිමිවන්නේ මචාඩෝට පමණක් බව පැවැසෙයි.

නොබෙල් ත්‍යාගයක් වෙනත් අයකුට පැවරිය හෝ බෙදාගත නොහැකි බව නෝර්වේ නොබෙල් ආයතනය අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *