ඥානසාර හිමි ඉදිරි දිනකදී විශේෂ ප්‍රකාශයක්

එක රටක්- එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති තනතුරට පත්ව සිටින ගලගොඩ අත්තේ ඥනසාර හිමියන් ඉදිරි දින කිහිපය ඇතුළත විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට තීරණය කර තිබේ. රටක තිබිය යුත්තේ එක නීතියකි.’එක රටක්-එක නීතියක්’ රට තුළ ඇති කිරීම කාලයක සිට කතිකාවට බදුන් වූ මාතෘකාවක් බැවින් පැවරෙන කාර්ය පටිපාටිය, ඊට ඇතුළත් වන පරාසය හා මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කළ පාර්ශ්ව සමඟ සිදු කරන සාකච්ඡාවකින් පසුව ඥනසාර හිමියෝ රට හමුවේ මෙම විශේෂ ප්‍රකාශය කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *