ඥානසාර හිමියන් අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධශාසන අමාත්‍යාංශය දැනුම් දෙයි

බොදු බල සේනා සංවිධානයේ (BBS) මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (ඔක්තෝබර් 23) අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධශාසන අමාත්‍යාංශය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට දැනුම් දී තිබේ. ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අධිකරණය දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

බන්ධනාගාරයේ සංශෝධිත මාර්ගෝපදේශ අනුව ඥානසාර හිමියන් හෙට සිවුරෙන් සැරසී අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවට මීට පෙර පළ වූ වාර්තා මධ්‍යයේ මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ තහවුරු කළේ, ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍යාංශය විසින් අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන් දැනුවත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේ, ඥානසාර හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බව අධිකරණය දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳව මහානාහිමියන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *