මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ජෙලටින් පුපුරණ ද්‍රව්‍ය 318 ක් ළඟ තබාගෙන සිටි බවට සැකපිට 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොට්ඨාශ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මූලික විමර්ශනවලට අනුව සැකකරු මෙම ජෙලටින් පුපුරණ ද්‍රව්‍ය තොගය ධීවර කර්මාන්තයේ නියැලෙන්නන්ට අලෙවි කිරීමට උත්සාහ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, අපේක්ෂිත විකිණීම පිටුපස ඇති නිශ්චිත චේතනාව තවමත් විමර්ශනය වෙමින් පවතී.
මේ අනුව, ජෙලටින් පුපුරණ ද්‍රව්‍ය තොගයේ මූලාරම්භය සහ නීතිවිරෝධී ලෙස එම ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අතිරේක පුද්ගලයින් සිටීද යන්න පිළිබඳව බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.