ජීවන් තොණ්ඩමාන් නාම යෝජනා අත්සන් කරයි

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට ඊයේ (04) අත්සන් තැබුවා. ඒ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදියි.

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට නියමිතව සිටි අතර ඒ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහායි මෙසේ ජීවන් තොණ්ඩමාන් මහතා අත්සන් තබා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *