ජාවාරම්කරුවන් අලුත් මෙහෙයුමක

පුනරුත්ථාපන වැඩපිළිවෙල කඩාකප්පල් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය තීරණය කර තිබේ.

කන්දකාඩු මධ්‍යස්ථානය තුළ ඇති වන ඇතැම් ගැටුම් පිටුපස අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම නිලධාරීන් සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය අක්‍රීය කිරීමට සිදුකරන මෙහෙයුම් හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය හිඟයක් මෙන්ම ප්‍රවාහන කටයුතු සිදුකිරීම සඳහා පුද්ගලයින් නොමැතිවීම මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ගැටලුවක්ව පවතී.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඇබ්බැහිවූවන් අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්තාපන කටයුතු සඳහා කන්දකාඩු සේනපුර ඇතුළු කඳවුරු සඳහා යොමුකෙරේ.

ඇතැම් අවස්ථාවල එම කඳවුරුවල රැඳීසිටින රැඳවියන් විවිධ ඉල්ලීම් සිදුකරමින් විරෝධතා සිදුකරන අතර ඇතැම් අවස්ථාවල දී රැදවියන් පළායන බවට ද තොරතුරු වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මහ පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම තත්ත්වයන් ඇති කිරීම සඳහා රැඳවියන් මෙහෙයවමින් සිටින බවය.

මෙම තත්ත්වය තුළ රැඳවුම් මධ්‍යස්ථානවල සිටින රැඳවියන් පිළිබඳ දීර්ඝ විමර්ශනයක් සිදුකිරිමට පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය පියවර ගෙන තිබේ.

විමර්ශන සිදුකිරීමෙන් පසු ඔවුන් මධ්‍යස්ථානවලින් ඉවත් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ද එම කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *