යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බට් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත් කළ ඉතාලි ජාතික පිය පුතු යුවළක් වැරදිකරු කරමින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා නියම කළේය.
මෙලෙස දඩ මුදල නියම වූයේ වයස අවුරුදු පනස් අටක් වන පෙරාරි ලුයිිගි හා වයස අවුරුදු 28ක් වන පෙරාරි මාටියා යන ඉතාලි ජාතික පිය පුතු යුවළක් හටයි.
මෙම දඩ මුදල තිස්සමහාරාම අධිකරණයේ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදලද බව තිස්සමහාරාම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
මේ මස 29 වන දින දඩ මුදල ගෙවන ලෙසට නියෝග කළේය.දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතිකයින් දෙපලට රටෙන් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද සඳහන් කළේය.