ජාතික සමගිය ගේන්න බැරිවීම ගැන හැම පක්ෂයක්ම වගකිව යුතුයි

වසර 76ක් තිස්සේ රටේ ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි වීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පතන දේශපාලන වෙනස කරන්නට හැකි වේවායි ආණ්ඩුවට සුබ පතනවා.රටක් ලෙස ගත් විට අප තවම ඉන්නේ ප්‍රාථමික අවධියේ.නිදහසින් පසු රටක් ලෙස ලාංකික ආනන්‍යතාවය ගොඩනගා ගෙන ඉදිරියට යන්නට නොහැකි වී තිබෙනවා.අසල්වැසි ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් විවිධත්වයන් එකතු කරගෙන ඊට ගරු කරමින් කටයුතු කිරීම නිසා ඉදිරියට ගොස් තිබෙනවා.අප වසර 76ක් තිස්සේ ජාතික සමගිය ගැන කතා කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුව නියෝජනය කළ හැම දේශපාලන පක්ෂයක්ම මේ කරුණ සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි.

ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ඉතා දුර්ලභ ජනවරමක්.චන්ද්‍රිකා මැතිනියට ජනාධිපතිවරණයේදී මෙවැනි ජන වරමක් ලැබුණා.නමුත් එතුමියට මේ විවිධත්වය තේරුම් ගෙන ඉදිරියට යාමට නොහැකි වුණා.

ඔබතුමාලා හොඳ ගමනක් යන්න නීතියේ ආධිපත්‍යය ඇති කරන්න සූදානම් වෙනවා.නමුත් බරපතල චෝදනා තිබෙන නිලධාරීන් ඉහළ තනතුරට දාගෙන නීතියේ ආධිපත්‍ය හදන්නේ කොහොමදැයි මුජුබුර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *