ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ජුනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ජනාධිපති මාධ්‍ය සම්මානය උළෙල මෙවර පැවැත්වීමට කටයුතු කරනවා.එමෙන්ම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය වැඩි කිරීම සඳහා වරලත් ආයතනයක් පිහිටුවීමටද කටයුතු කරනවා” යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
පෞද්ගලික අංශය සමඟ තරඟ කළ හැකි ලෙස තැපැල් සේවය නවීකරණය කළ යුතුව තිබෙන බවත් තැපෑල නවීකරණය කර ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්නට රජයට දැඩි අධිෂ්ඨානයක් ඇති බවත් අමාත්‍යවරයා කීය.