2025-2029 ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම යටතේ පාර්ලිමේන්තුවට පැවරී ඇති වගකීම් ක්රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා මඟපෙන්වීම වෙනුවෙන් සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබේ.
2026 සැප්තැම්බර් 25 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම පත් කිරීම සිදු කර ඇත.
කාරක සභා නියෝජ්ය සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව ක්රියාත්මක වන මෙම කමිටුවට, ජාතික දූෂණ විරෝධී වැඩපිළිවෙළ යටතේ පාර්ලිමේන්තුවට පැවරී ඇති කාර්යභාරය ක්රියාත්මක කිරීම, එය අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා නායකත්වය සැපයීමේ වගකීම පැවරේ.
කමිටුවට පත් කර ඇති මන්ත්රීවරුන් 12 දෙනා මෙසේය.
- හර්ෂණ නානායක්කාර
- සුනිල් වටගල
- කෞෂල්යා ආරියරත්න
- ජේ. සී. අලවතුවල
- අනුරාධ ජයරත්න
- ශානක්යන් රාසමාණික්කම්
- ඕෂානි උමංගා
- ප්රගීත් මධුරංග
- චන්දිම හෙට්ටිආරච්චි
- ධර්මප්රිය විජේසිංහ
- දේවානන්ද සුරවීර
- එම්. නිසාම් කාරියප්පර්
කාරක සභා නියෝජ්ය සභාපතිවරයා ද ඇතුළුව මෙම කමිටුව සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත වේ.
2025 සිට 2029 දක්වා කාලය තුළ ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම ක්රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධීකරණය කිරීම මෙම කමිටුවෙන් අපේක්ෂා කෙරේ.


