ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩී ඩී බුලත්සිංහල මහතා පත් කර ඇති බව වාර්තා වේ.
වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙනුවට බුලත්සිංහල මහතා තාවකාලික පදනමින් පත් කර තිබේ.
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරි මූලස්ථානයේ පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නීතීඥ මනෝජ් ගමගේ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් නව දෙනෙකු මෙම රැස්වීමට සහභාගී වූහ.
ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග ගලා ඒම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ චෝදනා රැසක් එල්ල වූ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත්ව යන ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ස්ථාන මාරු කර තිබේ.
බුලත්සිංහල ශ්‍රී ලංකා විද්‍යා සේවයේ සාමාජිකයෙකු වන අතර ජාතික ඖෂධ තත්ත්ව සහතික රසායනාගාරයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වේ.