ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය.

පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී තිබෙන බව කී ජනාධිපතිවරයා මහජනතාවගේ පොදු ආරක්ෂාවට එය තර්ජනයක් වී නැති බව සඳහන් කළේය.

මෙම පාතාල කණ්ඩායම් දිගු කාලයක් තිස්සේ වර්ධනය වී ඇති බව ද එය දැන් විනාශකාරී ජාලයක් බවට පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා  කීය.

මෙම විනාශකාරී ජාලය සහමුලින්ම මැඩ පවත්වන්නට දැඩි උත්සාහයක් ගන්නා බවත් ජාතික ජන බලවේග ආණ්ඩුවට එම කාර්යය කළ හැකි බවට ලොකු විශ්වාසයක් තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

රටේ පාතාලය වර්ධනය වූයේ දේශපාලන රැකවරණය යටතේ බව කී ජනාධිපතිවරයා වර්තමානයේ දී ඔවුන්ට එවැනි රැකවරණයක් ලැබෙන්නේ නැති බව කීය.

මහනුවර දී මල්වතු මහා නා හිමියන් බැහැ දදැකීමෙන්  අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *