ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී පැවසුවාය
ඇය ඒ බව ප්‍රකාශ කළේරට හදන අපි එකට තේමාව යටතේ මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගේ ජය තහවුරු කිරීම සඳහා පැවති ප්රචාරක රැළිය අමතමිනි.
අගමැතිනිය එහිදී මෙසේද කීවාය
අපගේ මීළඟ අමාත්‍ය මණ්ඩලය 25කට යෝජනා කර තිබෙනවා.ඒ ගැන අපට සැලැස්මක් තිබෙනවා. ඒ ඇමතිවරු පත් කරන්නේතමන්ගේ රාජධානි හදාගන්න හෝ ඥාතීන්ට යාලුවන්ට රස්සා දෙන්න නෙමෙයි. නැතිනම් අමාත්‍යවරුන්ගේ නිලධාරීන්ට හොරකම් කරන්න නෙවෙයි. මේ රට දියුණු කිරීමට සහ ජනතාවට සේවය කිරීමටයි. ඉස්සර වගේ අමාත්‍යාංශ අතර තරඟයක් නැහැ අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නෑ ඒ සඳහා සැලැස්මක් තියෙන්න ඕන ඇමතිවරුන්ට තමන්ට හිත හිතෙන දේවල් කරන්න බෑ. එකම අරමුණමේ රටේ ජනතාවගේ ජීවිත ලස්සන ජීවිත බවට පත්කිරීම යි