ජල සම්පාදනයේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකට අවතීර්ණ වී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා සමග රැස්වීම්වලට සහභාගී නොවීම, ටෙන්ඩර් ඇගයීම් කමිටු සඳහා සහභාගී නොවීම ඇතුළු තවත් වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයක් පසුගිය 05 වනදා උදෑසන 8.30 සිට ආරම්භ කළේය.

ඒ මේ වන විට පුරප්පාඩුව පවතින අතිරේක සාමාන්‍යාධිකාරී බස්නාහිර සහ අතිරේක සාමාන්‍යාධිකාරී ව්‍යාපෘති යන තනතුරු දෙක සඳහා පුද්ගලයින් කඩිනමින් පත් කරන ලෙසට බල කරමිනි.

එම තනතුරු දෙක ඉවත්කර ඒ වෙනුවට අතිරේඛ සාමාන්‍යාධිකාරී විගණන සහ අතිරේඛ සාමාන්‍යාධීකාරී වාණිජ යන නව පත්කිරීම් සිදුකිරීමට ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා කටයුතු කරමින් සිටින බව ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

තම සංගමයේ ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් අකුරට වැඩකිරීම වැනි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඉදිරියේ දී එළඹීමට සුදානම් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *