ජල ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය…

දැනට ලබාගෙන ඇති ජල ගාස්තු සහ අපද්‍රව්‍ය ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පුනරාවර්තන අධීක්ෂණ පිරිවැය සහ ප්‍රාග්ධන ණය සේවා වගකීම ආවරණය වන පරිදි අවසරය ලබා දී ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ස්ථායීතාවය සහතික කිරීම සඳහා ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවත්, මහජනතාවට අඛණ්ඩව සහ බාධාවකින් තොරව ජල සේවා සැපයීම අවශ්‍ය බව හඳුනාගෙන ඇති බවත් රජය පවසයි.

ඒ අනුව ජල ගාස්තු සහ අපද්‍රව්‍ය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *