වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා නියෝගයක් නිකුත් කර තිබේ.
නිවාඩු ලබා සිටින එවැනි නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන බවද අමාත්‍යවරයාගේ නියෝගයේ සඳහන් වේ.
තම ප්‍රදේශ වල ආපදාවන්ට පත් ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙසද අමාත්‍ය ලාල් කාන්ත මහතා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දී සිටී.
දැනට පිටාර ගලන ජලාශ අතුරින් පරාක්‍රම සමුද්‍රය හා රාජාංගනය වැව ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසට කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින අතර වැසි ජලශයෙන් ආපදාවට ලක්ව ඇති අක්කරෙයිපත්තුව හා නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාව කෙරෙහි අවශ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග ගැනීමට අදාල ආයතන නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවටද එම නිවේදනයේ සඳහන් වේ.