ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබා බිල්පත් නොගෙවා රෝහලෙන් බැහැරවී ගිය රෝගීන්ගෙන් රුපියල් මිලියන 23.07 ක මුදලක් රෝහලට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය එම රෝහල් මන්ඩලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
ඉකුත් වසරේ අවසානය වන විට මෙලෙස නොගෙවා ඇති බිල්පත්වල වටිනාකම රුපියල් 360 සිට රුපියල් මිලියන 2.04 දක්වා වූ අගය පරාසයක පවතින බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
රෝගීන් රෝහලෙන් බැහැරව යාමේදී රෝහල් ගාස්තු අයකර නොතිබීමට හේතු විගණනයට පැහැදිලි නොකෙරුණු බවත් මෙම ගාස්තු අයකර ගැනීමට කටයුතු කළයුතු බවත් විගණනයෙන් නිර්දේශ ලබා දී තිබේ.
නීතිමය ලියවිල්ලකට රෝගීන්ගේ පාර්ශවයෙන් අත්සන් ගන්නා බවත් ගාස්තු නොගෙවා යන රෝගීන් ගැන නීතිමය පියවර ගැනීමට රෝහල් පොලීසියට දන්වන බවත් රෝහලේ කළමනාකාරිත්වය විගණනයට දන්වා ඇත.